කුමාර වෙල්ගම ට මතුගම ටවුමෙදි ගහලා ? වෙල්ගමගේ පැහැදිලි කිරීමක්

0
කුමාර වෙල්ගම

කුමාර වෙල්ගම

හිටපු අමාත්‍ය හා  කළුතර දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට අද (03) පෙරවරුවේ මතුගම නගරයේ දී කිසියම් පුද්ගලයකු පහරදී ඇතැයි පොලිසිය කියයි.

මතුගම නගරයේ එළවළු වෙළෙඳහලක් තුළ සිදු වූ බහින් බස් වීමකින් පසු මන්ත්‍රීවරයාට පහරදී ඇතැයි පොලිසිය කියයි.

පහරකෑමට ලක්වූ මන්ත්‍රීවරයා වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති අතර පහරදුන් පුද්ගලයා පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

සිදුවීම ගැන කුමාර වෙල්ගම ගෙන් පැහැදිලි කිරීමක්

කෙසේ නමුත් අදාල සිදුවීම පිළිබදව කුමාර වෙල්ගම මහතා සිය පුද්ගලික මුහුණු පොතේ සටහනක් තබා තිබුණා අදාල සටහන පහලින්

අද දින ශාන්තමේරි විදුහල අසල පිහිටි මගේ පුතා වන සෙනාල් වෙල්ගමට අයත් ඉඩමට පිටස්තර පුද්ගලයෙකු බලහත්කාරයෙන් ඇතුල්විමට උත්සාහ කරන බව මට දැනගැනිමට ලැබිමෙන් පසු මතුගම මුලස්තාන පොලිස් ස්ථානදිපතුමන් හට දන්වා මා එම ස්ථානයට ගොස් කරුනු විමසා බලා මතුගම පොලිසිය ගොස් පැමිනිලිකොට නිතිමය කටයුතු සිදුකල බවත් ඉන් එහාට කිසිදු දෙයක් සිදු නොව් බව සියලු දෙනාවෙත දන්වා සිටින අතර සමාජය ජාලා ඔත්සේ ප්රචාරය වන දෑ පිලිබද මා කනගාටුවට පල කරනබවද ප්රකාශ කර සිටිමි…