ක්‍රීඩා අමාත්‍ය රොෂාන් ගේ දියණියන් ක්‍රිකට් සභාපති එක්ක දිරිගන්වන්න ඔසී ගිහින්

0

ක්‍රීඩා අමාත්‍ය රොෂාන්

පසුගිය වසරේ ඕස්ට්‍රේලියානු වීසා සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අනුමත ලිපි ලබාගත් පුද්ගලයන් අතර ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහගේ දියණියන් දෙදෙනා සිටින බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කර සිටී.

මෙම විසා ලැයිස්තුව අතරට ක්‍රීඩා අමාත්‍යවරයාගේ දියණියන් ලෙස සැලකෙන ආර්.ඒ.ෂෙනාලි දිනුෂිකා සහ ආර්.ඒ.සාරා දිනාලිගේ යන අයගේ නම්ද ඇතුළත් වි තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ වීසා බලපත්‍ර අවශ්‍යතා සඳහා පුද්ගලයින් ලෝක කුසලානය නැරඹීමට යන බවට ලිපි නිකුත් කළත් ඔවුන්ගේ සංචාර සඳහා මුදල් ලබා නොදුන් බවත් ඒ සඳහා වැය වූ එකම වියදම ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන්ට පමණක් බවත් සඳහන් කර ඇත.

ඩේලි මිරර් කළ විමසීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා කියා සිටියේ මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමට තමාට අවශ්‍ය නොවන බවයි.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන්