පාකිස්තානයට එරෙහි දෙවන ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 222කින් ශ්රී ලංකාවට දරුණු පරාජයක් අත්විය.
ඒ අනුව මෙම සුවිශේෂී ජයග්රහණයත් සමඟ පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක් පාකිස්තාන කණ්ඩායමට හිමිවිය.
ශ්රී ලංකාව සිය පළමු ඉනිම සඳහා පන්දු 48යි පන්දු 4කදී සියලුදෙනා දැවී රැස්කරගත්තේ ලකුණු 166ක් පමණි.
එහිදී ධනංජය ද සිල්වා ලකුණු 57ක් රැස්කරගැනීමට සමත්විය.
පන්දු යැවීමේදී Abrar Ahmed කඩුලු 4ක් සහ Naseem Shah කඩුලු 3ක් දවාගත්තේය.
පාකිස්තාන කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා පන්දුවාර 134ක් තුළ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 576ක් රැස්කරගත්තේය.
එහිදී අගනා ඉනිමක් ක්රීඩා කළ Abdullah Shafique ලකුණු 201ක් රැස්කරගැනීමට සමත්විය.
Agha Salman නොදැවී ලකුණු 132ක් රැස්කළේය.
සිය දෙවන ඉනිම සඳහා පිටියට පිවිසි ශ්රී ලංකා පිතිකරුවන් සියලුදෙනා ලකුණු 188කට දැවී ගියේය.
කෙසේ වෙතත් තරගයේ අවසානය දක්වා සටන අත් නොහැරි Angelo Mathews නොදැවී ලකුණු 63 ක් රැස්කරගැනීමට සමත්විය.