වතු කම්කරුවන්ට දෛනික වැටුප මේ වන විට රු 3000 ක් අවශ්‍යයි

0

දෛනික වැටුප මේ වන විට රු 3000

රටේ පවතින ජිවන වියදම අනුව වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප මේ වන විට රු 3000 දක්වා ඉහල දැමිය යුතු බව සමස්ත ලංකා වතු කම්කරු සංගමය මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසිය.

එම සංගමයේ ලේකම් ජේ.එම්.ඒ.ප්‍රේමරත්න මහතා මාධ්‍ය හමුවේදි කියා සිටියේ මේ වන විට වතු කම්කරුවෙකුට දෛනික වැටුප වශයෙන් ලැබෙන රු දහසක වැටුප 2015 වසරේදි ඉල්ලු වැටුපක් බවත්, එම වැටුප වසර 08 කින් පසු ලැබිම නිසා වතු කම්කරුවන් මේ වන විට ආර්ථික වශයෙන් ගැටළු රැසකට මැදි වි සිටින බවයි.

තවද රජය විසින් කම්කරු ජනතාවගේ සේවක අර්ථ සාධක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදලේ තැන්පතු මුදල් ලබා ගැනිමේ උත්සහයක නිරතව සිටින බවත්, එම මුදල අයිති කම්කරු ජනතාවට මිස මහ බැංකුවේ අධිපතිවරයාට හෝ රටේ පාලකයින්ට නොවන බවයි.

තවද එම මුදලට ගෙවන පොලි අනුපාතය අඩු කිරිමට රජය මේ වන විට පිඹුරුපත් සකස් කරමින් සිටින බවත්, කිසිසෙත් අර්ථ සාධක අරමුදල හෝ සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදලේ තැන්පතු මුදල් ලබා ගැනිමට කිසිසෙත් ඉඩ ලබා නොදෙන බවයි එම සංගමයේ ලේකම්වරයා කියා සිටියේ.

අස්වැසුම ප්‍රතිලාභින්ව මේ දිනවල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය වෙත කැදවා බැංකු ගිණුම් ආරම්භ කිරිමට ලිපි නිකුත් කරන බවත්, එයද විධිමත් අයුරින් සිදු නොකරන නිසා එම  ප්‍රතිලාභින් දැඩි පිඩාවට ලක් වි සිටින බවයි එම සංගමයේ ලේකම්වරයා කියා සිටියේ.

තිරිගු පිටි සමාගම් විසින් තිරිගු පිටි කිලෝවක මිල රු 10 කින් අඩු කලද එහි කිසිදු වාසියක් වතු කම්කරු ජනතාවට නොලැබෙන බවද සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ ලේකම්වරයා මෙම මාධය හමුවේදි වැඩිදුරටත් පැවසිය.

මෙම මාධ්‍ය හමුවට එම සංගමයේ සභාපති කිඩ්නන් සෙල්වරාජ් සහ උප ලේකම් තමිල්චෙල්වි මෙනවියද සහභාගි විය