හිටපු ජනපති මෛත්‍රිගේ මල්ලිගේ කෝටියක රන් මුදුවක් හා මුදල් සොරකම් කරයි

0

රන් මුදුවක් හා මුදල්

හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේනගේ සොහොයුරාගේ පොළොන්නරුව, ලක්ෂ උයනේ නිවසේ අල්මාරියක තිබූ රුපියල් කෝටියක් වටිනා මැණික් ඔබ්බවන ලද රන් මුදුවක් හා මුදල් සොරකම් කර ඇතැයි පොළොන්නරුව පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත.

නිල් මැණිකක් ඔබ්බවන ලද පවුම් හයක් බරැති මුදුවක්, ඇමරිකන් ඩොලර් 5000ක් හා මුදල් රුපියල් ලක්ෂයක් සොරකම් කර ඇතැයි පී.පී. කපිල ගාමිණි සිරිසේන (52) නමැති නිවස හිමි ව්‍යාපාරිකයා පොලිසියට පැමිණිලි කර තිබේ.

මෙම සොරකම බෙලිඅත්තේ පදිංචි සේවකයකු කර ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇති අතර, සිද්ධියෙන් පසු අතුරුදන් සැකකරු සොයා පොලිසිය විමර්ශන අරඹා තිබේ.

මෙම සොරකම අප්‍රේල් මාසයත් මැයි 1දාත් අතර කාලය තුළදී සිදුවී ඇතැයි ව්‍යාපාරික කපිල ගාමිණි සිරිසේන පොලිසියට පැමිණිලි කර ඇත. පොලිසියට පැමිණිල්ල ලැබී ඇත්තේ පෙරේදා (28) පස්වරුවේදීය.