අලි සබ්‍රිට ලක්ෂ 75 දඩ, බඩුත් රාජසන්තකයි

0

අලි සබ්‍රිට ලක්ෂ 75 දඩ, බඩුත් රාජසන්තකයි

නීති විරෝධිව රත්තරන් සහ ඡංගම දුරකතන රැගෙන ආ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහිම්ට රුපියල් ලක්ෂ 75 දඩයක් නියම කළ රේගුව ඔහු රැගෙන ආ සියලු භාණ්ඩ රාජසන්තක කළ බව රේගු ආරංචි මාර්ග කියයි.

රන් කිලෝ තුනකට අධික ප්‍රමාණයක් සහ ඡංගම දුරකතන 91ක් ඔහුගේ ගමන් බෑගයේ තිබී හමු වූ බව රේගුව කියයි.

මෙම රත්තරන් සහ ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරි පහසුකම් ඔස්සේ රැගෙන ඒම පිළිබඳ විධිමත්  රේගු පරීක්ෂණය අද අලුයම 04.00 ට පමණ නිමා වී තිබූ බව රේගු ආරංචි මාර්ග පැවසීය .

මෙම මන්ත්‍රීවරයා විසින් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනවිත් තිබූ , රන් බිස්කට් , ස්වර්ණාභරණ සහ ස්මාර්ට් ජංගම දුරකථන තොගය රාජසන්තක කිරීමට නියෝග කර තිබූ අතර , මෙම මන්ත්‍රීවරයාව රුපියල් ලක්ෂ හැත්තෑ පහක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබේ .

මෙම මන්ත්‍රීවරයා මෙම දඩ මුදල අද දින අලුයම ගෙවා දමා රේගු මූලස්ථානයෙන් පිටත්ව ගොස් තිබේ