පොලීසියේ දෙකක් කල මංකොල්ලය

0

මිරිහාන බැද්දගාන ප්‍රදේ)ශයේ ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනකුට පහරදී රුපියල් ලක්ෂ පහක මුදලක් කොල්ලකෑවේ බව කියන නුගේගොඩ කොට්ඨාස රථවාහන අංශයට අනුයුක්තව මිරිහාන මූලස්ථාන පොලිසියේ රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයකු සහ තවත් අයකු සැකපිට අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලිසිය පවසයි.

මෙම මුදල් කොල්ලකෑමට සම්බන්ධ බව කියන නුගේගොඩ පොලිස් අධිකාරී කාර්යාලය රාජකාරි කරන පොලිස් සැරයන්වරයකු අත්අඩංගුවට ගැනීමට ද පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි

අත්අඩංගුවට ගැනීමට සොයන මෙම පොලිස් සැරයන්වරයා පලාගොස් සැඟවී සිටින බවද උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය

මෙම මුදල් කොල්ලයට සම්බන්ධ බව කියන පුද්ගලයකු මුලින්ම අත්අඩංගුවට ගෙන ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී එම කොල්ලයට සම්බන්ධ වූ බව කියන පොලිස් කොස්තාපල්වරයා ගැන සහ පොලිස් සැරයන්වරයා ගැන තොරතුරු හෙළි විණි යයිද එම උසස් පොලිස් නිලධාරියා කීය