ක්ෂේත්‍ර කීපයක බදු බර ලිහිල් වෙයි?

0
Direct Taxes - ක්ෂේත්‍ර කීපයක බදු බර ලිහිල් වෙයි?

තීරණාත්මක ක්ෂේත්‍ර කිහිපයක බදු සංශෝධනය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇත.

බදු අය කිරීම සම්බන්ධයෙන් ඇතැම් වෘත්තිකයන් දැඩි ලෙස විරෝධය පළ කිරීම නිසා මේ කාරණය සම්බන්ධයෙන් අවධානය මෙසේ යොමුවී ඇති බව රජයේ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

මේ අතර වෛද්‍යවරුන් ඉංජිනේරුවන් නීතිඥයන්, සරසවි ආචාර්යවරුන් ඇතුළු වෘත්තිකයන් විශාල පිරිසක් අධික බදු අය කිරීම නිසා රට අතහැර යෑමේ සූදානමක් පවතින බවට බුද්ධි අංශ රජයට කරුණු වාර්තා කර ඇත.

බදු අය කිරීම සම්බන්ධයෙන් පසුගියදා මාධ්‍යයට අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉදිරියේදී බදු සංශෝධනයක් සිදුවිය හැකි බවට ඉඟි පළ කළේය.

එදා ගෝඨාභය රාජපක්ෂ මහතාට බදු ඉවත් කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව චෝදනා එල්ල කළ බවත් අද සිදුවී ඇත්තේ එහි අනෙක් පැත්ත බවත් ඔහු සඳහන් කළේය

කෙසේ වෙතත් ආණ්ඩුව මේ කාරණය සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.