පළමු බිත්තර තොගය ලබන සතියේ ආනයනයට පියවර

0
Egg Import - පළමු බිත්තර තොගය ලබන සතියේ ආනයනයට පියවර

එළඹෙන සතිය තුළ පළමු බිත්තර තොගය ශ්‍රී ලංකාවට ආනයනය කරන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.

බිත්තර මිල අඛණ්ඩව ඉහළයාමත් සමඟ ඇති වූ ජනතා විරෝධය මධ්‍යයේ පසුගිය දෙවනදා රැස් වූ කැබිනට් මණ්ඩලය වෙළෙඳ අමාත්‍යවරයාට බිත්තර ආනයනය කිරීමට අනුමැතිය ලබාදුන්නේය.

කෙසේ වෙතත් බිත්තර ආනයනය කිරීමට රජය ගත් තීරණය හේතුවෙන් සිය කර්මන්තය නිරතවන විශාල පිරිසකට දැඩි බලපෑමක් එල්ලවන බව සුළු හා මධ්‍ය පරිමාණ බිත්තර නිශ්පාදකයින්ද පෙන්වා දෙයි.

බිත්තර ආනයනය කිරීමට රජය තීරණය කර තිබුණ කර ඇති පසුබිමක ඊයේ දිනයේද වෙළෙඳපොළ තුළ බිත්තරයක් රුපියල් 65 – 70ත් අතර විවිධ මිල ගණන්වලට අලෙවි වුණි.

මෙවන් පසුබිමක පාරිභෝගික ජනතාව බිත්තර ආනයනයට රජය ගත් තීරණය ක්‍රියාත්මක කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියේය.