විපක්ෂයේ ස්වාධීන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වී දැනට විපක්ෂයේ ස්වාධීන මන්ත්‍රීවරු ලෙස කටයුතු කරන අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුතු කණ්ඩායමේ කිහිප දෙනකු ආණ්ඩුවට එක් වීමේ සූදානමක් ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.
එසේ ආණ්ඩුවට එක්වීමට නියමිතව ඇත්තේ ජෝන් සෙනෙවිරත්න, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සහ ප්‍රියංකර ජයරත්න යන මන්ත්‍රීවරුන්ය.
එම පිරිස පසුගිය අයවැය ඡන්ද විමසීමේදී අය වැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට කටයුතු කළේය.




















































