
ලබන වසරේ ජනවාරි මාසය වන විට අඛණ්ඩ විදුලි සැපයීම සහතික කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළ බව ෂිංහුවා පුවත් සේවය පවසයි.
2022 පෙබරවාරි මාසයේ සිට ශ්‍රී ලංකාවේ දෛනික විදුලි කප්පාදුවක් සිදුවන අතර එක් අවස්ථාවක එම විදුලි කප්පාදුව පැය 13ක් දක්වා වර්ධනය විය. කෙසේ වෙතත් මේ වන විට එම විදුලි කප්පාදුව පැය දෙකකට පමණ සීමා වී තිබේ.
අමාත්‍යවරයා මෙහිදි පවසා ඇත්තේ පසුගිය මාස කිහිපය තුළ විදුලි කප්පාදුව විශාල ලෙස අඩු කිරීමට පියවර ගත් බවයි.
කෙසේ වෙතත් අඛණ්ඩ විදුලි සැපයුමක් විදුලි ගාස්තු සංශෝධනයකින් තොරව කළ නොහැකි බව පෙන්වා දුන් ඔහු, සෑම වසරකම ජනවාරි සහ ජුනි මාසවලදී විදුලි බිල සංශෝධනය කිරීම වඩාත් සුදුසු බව පැවැසීය.
2023 දී පුනර්ජනනීය බලශක්තිය ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බවත් එය ශ්‍රී ලංකාවට හොඳම බලශක්ති ප්‍රභවය බවත් විජේසේකර මහතා පැවසීය.