ලෝක බැංකු ණය යටතේ තවත් පොහොර නැවක් අනිද්දා දිවයිනට

0
Uria Fertilizer Ship - ලෝක බැංකු ණය යටතේ තවත් පොහොර නැවක් අනිද්දා දිවයිනට

ලෝක බැංකු ණය යටතේ මෙට්‍රික් ටොන් 22,000ක යුරියා පොහොර තොගයක් රැගත් තවත් නෞකාවක් අනිද්දා(14) කොළඹ වරායට පැමිණීමට නියමිතව ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

2022/23 මහ කන්නයේ වී සහ බඩඉරිඟු වගා සඳහා යුරියා පොහොර මිල දී ගැනීමට ලෝක බැංකුව විසින් ඩොලර් මිලියන 105ක ණය මුදලක් අනුමත කළ අතර එම ණය මුදල් යටතේ ලැබෙන දෙවන යුරියා පොහොර තොගය වශයෙනුයි මෙම තොගය දිවයිනට ගෙන එන්නේ.

එම පොහොර තොගයත් සමග ලෝක බැංකු ණය මුදල් යටතේ මෙරටට මේ වනවිට ලැබී ඇති සම්පූර්ණ යුරියා පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 35,000ක්.

පළමු යූරියා පොහොර ‌තොගය චීනයෙන් ලැබුණු අතර දෙවන පොහොර තොගය මෙලෙස රැගෙන එනු ලබන්නේ මැලේසියාවේ සිටයි.