ගල්අඟුරු ක්ෂණික මිලදී ගැනීම් සඳහා ටෙන්ඩර් කැඳවයි

0
Coal Tender - ගල්අඟුරු ක්ෂණික මිලදී ගැනීම් සඳහා ටෙන්ඩර් කැඳවයි

නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරයට ගල්අඟුරු මිලදී ගැනීම සඳහා විවෘත කළ ටෙන්ඩරය අවලංගුවීමත් සමග එළඹෙන අඟහරුවාදා ක්ෂණික මිලදී ගැනීම් සඳහා ටෙන්ඩර් කැඳවන බව ලංකා ගල්අඟුරු සමාගමේ සාමාන්‍යාධිකාරි නාමල් හේවගේ මහතා පවසයි.

කෙසේවෙතත් දූෂිත දේශපාලනඥයින් සහ අවස්ථාවාදී වෘත්තිකයින් ප්‍රසම්පාදන ක්‍රියාවන් සඳහා මැදිහත්වීම හරහා ගල්අඟුරු සපයා ගැනීමේ අර්බුදයක් මතුවී ඇති බව විදුලි තාක්ෂණික හා ඉංජිනේරු අධිකාරි සංගමය පැවසීය.

යම් ආකාරයකින් ගල්අඟුරු බලාගාරයේ බිඳවැටීමක් සිදු වුවහොත් ඒ සඳහා මුහුණදීමට කැලණිතිස්ස සංයුක්ත බලාගාරය නිසිපරිදි සූදානම් කරන ලෙසද එම සංගමය වැඩිදුරටත් රජයෙන් ඉල්ලා සිටී.

(adaderana.lk වෙබ් අඩවිය ඇසුරිනි)