ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස්ට තවත් සුපිරි ජයක්.. සනත්ගෙන් අගනා පන්දු යැවීමක්…

0

ඉන්දියාවේ පැවැත්වෙන රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් තරගාවලියේදී තවත් සුපිරි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත්වුණා.

ඒ එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායමට එරෙහිවයි.

පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම ළකුණු 78 කට සීමා කිරීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත්වුණා.

සනත් ජයසූරිය සුපිරි පන්දු යැවීමක නිරත වූයේ ළකුණු 03 කට කඩුලු 04 ක් බිඳ හෙලමිනුයි.

ශ්‍රී ලංකාව පන්දුවාර 14 යි පන්දු 03 කදී කඩුලු 03 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කලා.

ඩිල්ෂාන් මුණවීර 24 ක්ද – උපුල් තරංග 23 ක්ද – නායක ටී එම් ඩිල්ෂාන් 15 ක්ද ලබාගත්තා.

මේ අනුව ප්‍රසාද ළකුණු සටහනේ පෙරමුණ ගැනීමටත් ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.