ආසියානු කුසලානයේ අවසාන මහා තරගය අද

0
Asia Cup Final - ආසියානු කුසලානයේ අවසාන මහා තරගය අද

ආසියානු කුසලානය සඳහා වන අවසාන මහා තරගය අද පැවැත්වෙනවා.

පකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදියි අද රාත්‍රියේ තරගය ආරම්භ වන්නේ.

ශ්‍රී ලංකාව අවසාන මහා තරගයට පිවිසෙන්නේ සුපිරි වටයේදී සහභාගී වූ සියලුම තරග ජය ගනිමිනුයි.

තරගාවලිය ආරම්භයේදී ශ්‍රී ලංකාව අවසාන මහා තරගයට සුදුසුකම් ලබනු ඇතැයි පළවු අනාවැකි ප්‍රතිශතය ඉතාමත් අවම අගයකයි පැවතුණේ.

කෙසේවෙතත් තරගයෙන් තරගය ජය ගැනීමත් සමග එම තත්වය වෙනස් වූයේ ප්‍රබල ඉන්දියානු කණ්ඩායමට එරෙහිවද විශිෂ්ඨ ජයක් හිමිවීමත් සමගයි.