පොලීසිය සොයන සැකකරු නුගේගොඩ රැළියේ

0
Suspect - පොලීසිය සොයන සැකකරු නුගේගොඩ රැළියේ

ජුලි මස 07 වනදා අරලියගහ මන්දිරය තුළට ඇතුළුවී එහි දේපළවලට හානි කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවන් 50 දෙනෙකුගේ ඡායාරූප පොලීසිය විසින් ඊයේ (20) මාධ්‍ය වෙත නිකුත් කර තිබුණි.

එම පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් 0112 42 18 67, 076 347 7342 හෝ 1997 යන දුරකථන අංකවලට අමතා දැනුම්දෙන ලෙස පොලීසිය එහිදී මහජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

කෙසේවෙතත් මෙම ඡායාරූප ලැයිස්තූවේ සිටින සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරන්ද ගුණසේකර අද පස්වරුවේ නුගේගොඩදී පැවති ජාතික ජන බලවේගයේ ජනරැලිය අමතා කතාවක්ද සිදුකරනු ලැබීය.