රනිල්ගේ නිවසට ගිනි තැබීම ගැන දුලාන්ජලීගෙන් රහස් පොලිසිය ප‍්‍රශ්න කරයි

0
Dulanjali Preamadasa - රනිල්ගේ නිවසට ගිනි තැබීම ගැන දුලාන්ජලීගෙන් රහස් පොලිසිය ප‍්‍රශ්න කරයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ගිනිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සොහොයුරියව ද අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ.

ඒ ඊට අදාළ ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහාය.

අදාළ ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ දුලංජලී ප්‍රේමදාස සඳහන් කළේ,

“දැන් ඉන්න ජනාධිපතිතුමාගේ ගෙදර පුච්චපු එක ගැන විමර්ශනයට ප්‍රකාශයක් දෙන්න මම ආවා.” 

“මම එතන පැත්තකින් හිටියා. ඉතින් ඒ අයගේ විමර්ශනවලට උදව් කරන්න කියලා මට එන්න කිව්වා. සුහදව එයාලා කතා කළා. ප්‍රකාශය දුන්නා. එතනින් ඉවරයි. කිසි ප්‍රශ්නයක් නෑ.”

“එක එක අරගල තියෙනවා. එක අරගලයක් නෑ. එක එක අයගේ පෞද්ගලික විදියට තමයි අරගල කළේ. අපි ඇත්ත කිව්වාහම කිසි ප්‍රශ්නයක් නෑ. නැවත කැඳවීමක් මම දැනුම්වත්ව නෑ.”