ආහාර හිඟයක අවදානමක් ගැන කෘෂි විශේෂඥයන් අනතුරු අඟවයි

0
Agronomists Warn of Risk of Food Shortage - ආහාර හිඟයක අවදානමක් ගැන කෘෂි විශේෂඥයන් අනතුරු අඟවයි

දිවයින පුරා සිදුකල සමීක්ෂණයකට අනුව ලබන වසරේදී ආහාර ද්‍රව්‍යවල මිල අධික ලෙස ඉහළ යමින් රට තුල ආහාර හිඟයක් ඇති වීමේ අවදානමක් පවතින බවට කෘෂි විශේෂඥයන් අනතුරු අඟවනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ පවතින තත්වයට කඩිනම් විසඳුම් නොමැති වුවහොත් ලබන මාර්තු මස පමණ වනවිට සහල් කිලෝවක මිල රුපියල් 200 ක් දක්වා ඉහළ යාමේ තත්වයක් ඇති විය හැකි බවයි.

මේ වන විට දිවයින පුරා වෙළඳපොලේ හටගෙන ඇති කිරිපිටි, ගෑස්, භූමිතෙල් ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟය තවදුරටත් පවතින අතර ඒවායේ මිල ගණන්ද ඉහළ ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල සහ ජීවන වියදම ඉහළ යාම වලක්වා ගැනීමට ඇති එකම විසඳුම රට තුල නිෂ්පාදනය පුළුල් කිරීම බැවින් ජනවාරි මස සිට වගා සංග්‍රාමයක් අරඹන ලෙස වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඊයේ ඉල්ලා සිටියා.