විදුලි සෝපානය කඩා වැටී තරුණියක් මරුට

0
Young Woman Dies after Elevator Crash - විදුලි සෝපානය කඩා වැටී තරුණියක් මරුට

පිළිමතළාව ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවක විදුලි සෝපානය කඩා වැටිමෙන් එක් තරුණියක් මිය ගොස් තවත් තරුණියක තුවාල ලැබ ඇති බව කඩුගන්නාව පොලිසිය පවසයි.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ බලන දෙකිද පදිංචිකාරියක් වන අරේෂ ජයමාලි කුලරත්න (26) නැමති තරුණියකි.

ඉහළ මාලයේ සිට මෙම තරුණියන් දෙදෙනා භාණ්ඩ සමග මෙම විදුලි සෝපානයෙන් පහත මාලය දක්වා එන අතරතුර මෙම අනතුර සිදුවි තිබේ.

එම ආයතනයේ පිරිස් හා අසල්වැසියන් එකතුව අනතුරට පත් තරුණියන් දෙදෙනා පේරාදෙණිය රෝහලට ගෙන ගොස් ඇති අතර එහිදි එක් තරුණියක් මියගොස් ඇති බවත් තුවාල ලත් අනික් තරුණිය විසින් මේ සම්බන්දව පොලිසියට කටඋත්තරයක්ද ලබා දුන් බව පොලිසිය පැවැසිය.

තුවාල ලත් තරුණිය මේ වන විට පේරාදෙණිය රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ගන්නා බවද පොලිසිය පැවැසිය.

මේ සම්බන්දව විශේෂ පොලිස් පරික්ෂණයක් අරඹා ඇති බව කඩුගන්නාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරක්ෂක රොහණ කරුණාරත්න මහතා පැවැසිය.