ලංකා ප්‍රිමියර් ලීග් ප්‍රසාද ලකුණු සටහනේ යාපනය ඉදිරියට

0
Jaffna Tops Lanka Premier League Points Table - ලංකා ප්‍රිමියර් ලීග් ප්‍රසාද ලකුණු සටහනේ යාපනය ඉදිරියට

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සිය පස්වන ජයග්‍රහණයත් හිමිකර ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ඊයේ (13) සමත් විය.

ඒ දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම කඩුලු 7කින් පරාජයට පත්කරමින්.

ඒ අනුව ජැෆ්නා කණ්ඩායම තමන් මුහුණ දී ඇති තරග 6න් 5ක් ජය ගනිමින් LPL ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවේ.

ඊයේ පැවති තරගයේ කාසිය වාසිය දිනූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව දඹුල්ල කණ්ඩායමට ලබාදුන්නේය.

එහිදී ඔවුන් පන්දුවාර 14.1ක් අවසානයේ සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත්තේ ලකුණු 69ක් පමණී.

ඒ අනුව ජයග්‍රාහී ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි ජැෆ්නා කණ්ඩායම පන්දුවාර 9.2ක් අවසානයේ කඩුලු 3ක් පමණක් බිඳවැටී ලකුණු 71ක් ලබාගනිමින් ජයග්‍රහණය වාර්තා කළේය.

එම ඉනිම වෙනුවෙන් වනිදු හසරංග පන්දු 18ක් තුළ ලකුණු 37ක් සහ අවිශ්ක ප්‍රනාන්දු පන්දු 17ක් තුළ නොදැවී ලකුණු 22 ක් ලබා ගැනීමට සමත් විය.