ප්‍රියන්ත කුමාරගේ පවුලේ සාමාජිකයින්ට මිලියන 2.5ක මුදල් ප්‍රදානයක්

0
Cash Donation to Priyantha Family Members - ප්‍රියන්ත කුමාරගේ පවුලේ සාමාජිකයින්ට මිලියන 2.5ක මුදල් ප්‍රදානයක්

පාකිස්තානයේ සියල්කොට් නගරයේදී පසුගිය සිකුරාදා (03) සාහසික ලෙස ඝාතනය වූ ප්‍රියන්ත කුමාර මහතාගේ පවුලේ සුබසාධනය වෙනුවෙන් මුදල් පරිත්‍යාගයක් කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව විදේශ සේවා නියුක්ති කාර්යාශයේ සේවක සුබසාධක අරමුදල මගින් රුපියල් මිලියන 2.5ක මුදලක් ඔහුගේ බිරිඳ සහ දරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් ප්‍රදානය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් අදාළ යෝජනාව ඉදිරිපත්කර තිබුණි.