සිරුරේ 99%ක්ම විනාශ වී ඇති බව ප්‍රියන්තගේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළිවෙයි

0
Post Mortem Report in Sri Lankan Person - සිරුරේ 99%ක්ම විනාශ වී ඇති බව ප්‍රියන්තගේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළිවෙයි

පාකිස්තානයේදී ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර මහතාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව පිළිබඳව විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබෙනවා.

ඔහුගේ හිසට සහ සිරුරේ අස්ථිවලට බරපතළ හානි සිදුව ඇති බවත් හිස්කබලට දැඩි ලෙස හානි සිදුව ඇති බවත් පිළිස්සීමෙන් සිරුරෙන් 99%ක්ම විනාශ වී ඇති බවත් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව මගින් හෙළිව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වනවා.

ප්‍රහාරය හේතුවෙන් ඔහුගේ අත්‍යවශ්‍ය ඉන්ද්‍රියයන් වන අක්මාව, ආමාශය සහ එක් වකුගඩුවකට බලපෑම් එල්ල වී ඇති බවත් එක් පාදයක් හැර සිරුරේ සෑම කොටසකටම බරපතළ හානි සිදුව ඇති බවත් සුෂුම්නාව ද ස්ථාන තුනකින් කැඩී ගොස් ඇති බවත් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව මගින් හෙළිකර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

ප්‍රියන්ත කුමාර මහතාගේ සිරුර ශ්‍රී ලංකාවට එවීම සඳහා පිළියෙළ කර තිබූ ආකාරය පහතින් දැක්වෙනවා.