දඹුල්ල කණ්ඩායමට එක්වූ අමුත්තා

0
Rohotha Rajapaksa Play to Dambulla Giants - දඹුල්ල කණ්ඩායමට එක්වූ අමුත්තා

මෙරට සුවහසක් ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තුව වන LPL තරගාවලිය ආරම්භයට ඇත්තේ තවත් දින කිහිපයක් පමණි.

2021 LPL තරගාවලිය දෙස් විදෙස් ක්‍රීඩකයන් රැසකගේ සහභාගීත්වයෙන් දෙසැම්බර් මස 05 වනදා ආරම්භ වීමට නියමිතව ඇත.

එවන් පසුබිමක මෙවර LPL කිරුළ තමන් සතු කරගැනීමට තරගාවලියට එක්වන කණ්ඩායම් මේ වනවිටත් සිය පුහුණුවීම් ආරම්භ කර තිබේ.

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමේ පුහුණු තරගයකට එක්ව සිටි බවට සඳහන් වූ ඡායාරූප පෙළක් මේ වනවිට අන්තර්ජාලයේ සැරිසරයි.