කොළඹ ප්‍රදේශ කිහිපයක පැය 7ක ජල කප්පාදුවක්

0
කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට රාත්‍රියේ සිට පැය 7ක කාලයක් ජල සැපයුම අත්හිටුවන සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.

මොරගස්මුල්ල, රාජගිරිය, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, නාවල – කොස්වත්ත, රාජගිරියේ සිට නාවල විවෘත විශ්ව විද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය හා ඊට සම්බන්ධිත සියලු අතුරු මාර්ගවල ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ඒ අනුව හෙට රාත්‍රී 10 සිට පසුදින අලුයම 5 දක්වා ජල සැපයුම අත්හිටුවනු ඇති.

අත්‍යවශ්‍ය ජලනල නවීකරණ කටයුත්තක් හේතුවෙන් එලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් පැවසීය.