කුමාර ධර්මසේනගෙන් සංවේදී සටහනක්

0
Kumara Darmasena Facebook Status of Reflecting His past - කුමාර ධර්මසේනගෙන් සංවේදී සටහනක්
ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියේ අමරණිය මතක සටහන් තැබූ කුමාර ධර්මසේන අද ජාත්‍යන්තරය දිනූ ක්‍රිකට් විනිසුරුවරයෙකි.

කොතරම් ජාත්‍යන්තරය ජය ගත්තද තවමත් ඔහුට අතීතය අමතක වී නොමැති බව පෙන්වන සටහනක් මේ වන විට ඔහුගේ ෆේස්බුක් ගිණුමට එක්කර තිබෙනවා.

වැසි සහිත මේ සමයේ තෙමෙන පුද්ගලයෙකු දැක කුමාර ධර්මසේන එමගින් සිය අතීතය ආවර්ජනය කර තිබුණේ පහත ආකාරයටයි.

“එක දිගට අවුරුදු 5 ක් කිලෝමීටර් සිය ගණන් බයික් එකේ තෙමුනු මට මේ අත්දැකීම පුදුම විදිහට දැනෙනවා. ඒ හැමවෙලේම පාරෙ නොතෙමී යන වාහන දිහා අහිංසක විදිහට බලන් හිටියෙ අල්පෙනෙති තුඩක තරම්වත් ඊරිසියාවකින් නම් නෙමේ. ඒ හැමවෙලේම සිහින දැක්කා මාත් කවදහරි නොතෙමී යනව කියලා.

අද මම නොතෙමී යනවා.ඒත් අදටත් තවත් කෙනෙක් මෙහෙම ඉන්නව දකිද්දි දැනෙන හැඟීම වචන වලින් කියන්න බෑ.මම නොතෙමී යද්දී මගේම එවුන් තෙමීගෙන එද්දී යද්දී පුදුම හැඟීමක්.මට උබලත් එක්ක තෙමෙන්න බැරි වෙයි.ඒත් හදවතින් පතනව හැම මොහොතකම උඹල හැමෝටම මාත් එක්ක නොතෙමී යන්න ඉක්මණටම.”