එන්නත නොගත් අයට දෙසැ. 21 සිට තහංචි

0
එන්නත නොගත් අයට දෙසැ. 21 සිට තහංචි
මාත්‍රා දෙකම නොගත් පොදු ප්‍රවාහන, අවන්හල්, හෝටල්, තැබෑරුම් තහනම්. එන්නත් මාත්‍රා දෙකම ලබා නොගත් පුරවැසියන් දෙසැම්බර් 21 වැනිදායින් පසු සීමාවන්ට යටත් කරන බව කෙන්යා රජය එරට ජනතාවට දැනුම් දී තිබේ.

ඒ අනුව පොදු ප්‍රවාහන සේවා භාවිතයද, අවන්හල්, හෝටල්, තැබෑරුම් වැනි ස්ථානවලට සහ රජයේ ඇතැම් කාර්යාලවලට ඇතුල් වීමද මෙවැනි පුද්ගලයන්ට තහනම් කෙරෙනු ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

එන්නත ලබා ගත යුතු වයසේ පසුවන මිලියන 20ක පමණ ජනතාවක් කෙන්යාවේ වාසය කරති. රජයේ නිවේදනය අනුව ඔවුන්ට එන්නත් මාත්‍රා දෙකම සම්පූර්ණ කිරීම සඳහා ඉතිරිව ඇත්තේ මාසයක කාලයක් පමණි.
කෙන්යා රජය මෙම පියවර ගෙන ඇත්තේ එළැඹෙන උත්සව කාලය තුළ වසංගතය පැතිරීම වැලැක්වීම සඳහාය. එරට තුළ තවමත් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇත්තේ ජනගහණයෙන් සියයට 4 ක් තරම් සුළු සංඛ්‍යාවකි.