ශ්‍රී ලංකාවේ අන්තර්ජාල ළමා ලිංගික හිංසන ගැන CBI පරීක්ෂණ අරඹයි

0
ලංකාවේ අන්තර්ජාල ළමා ලිංගික හිංසන ගැන CBI පරීක්ෂණ අරඹයි
ශ්‍රී ලංකාවේ සිට අන්තර්ජාලය ඔස්සේ සිදුකරනු ලබන ළමා ලිංගික අපයෝජන සිදුවීම් සම්බන්ධයෙන් ඉන්දියාව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඉන්දියාවේ මධ්‍යම විමර්ශන ඒජන්සිය (CBI) විසින් අන්තර්ජාලය ඔස්සේ සිදුකරන ළමා ලිංගික සූරාකෑම් පිළිබඳව මෙම පරීක්ෂණය ආරම්භ කර ඇති අතර දැනට චෝදනා ලැබූ ඉන්දියානුවන් 10 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් රැසක සිට මෙම අපචාර කටයුතු සිදු කෙරෙන බව මෙම විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

ශ්‍රී ලංකාවට අමතරව පාකිස්තානය, කැනඩාව, බංග්ලා​දේශය, නයිජීරියාව, ඉන්දුනීසියාව, අසර්බයිජානය, එක්සත් ජනපදය, සෞදි අරාබිය, යේමනය, ඊජිප්තුව සහ එක්සත් රාජධානිය යන රටවල සිටද මෙම අපචාර ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන් ක්‍රියාත්මක බව මෙහිදී අනාවරණය වී තිබේ. සබැඳි (Link) වීඩියෝ, ඡායාරූප, සමාජ මාධ්‍ය වෙනත් අන්තර්ගතයන් ඇතුළු ක්‍රම රාශියක් ඔස්සේ මෙලෙස ළමා ලිංගික සූරාකෑම් සිදුව ඇති බව ඉන්දීය මධ්‍යම විමර්ශන ඒජන්සිය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.