අපි අතින්ද නොවිය යුතු දේ සිදුවුණා යැයි කියමින් අලුත් ගමනකට අනුර සැරසෙයි

0
Statement of Anura Kumara Dissanayaka - අපි අතින්ද නොවිය යුතු දේ සිදුවුණා යැයි කියමින් අලුත් ගමනකට අනුර සැරසෙයි
සන්නද්ධ දේශපාලන ක්‍රියාකාරකම් ප්‍රතික්ෂේප කරමින් ජනතාව සමඟ එක්ව නව දේශපාලන අරගලයකට ප්‍රවිෂ්ටවීමට ජනතා විමුක්ති පෙරමුණ සුදානම් බව එහි නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (13) පස්වරුවේ පැවති 32 වන ඉල‍්මහ විරු සමරුවට එක්වෙමිනි.

88/89 සන්නද්ධ අරගලයේදී මියගිය ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවිර ඇතුළු පක්ෂ සමාජීකයින් සිහිකිරීමේ 32 වන ඉල්මහ විරු සමරුව ඊයේ පස්වරුවේ පැවැත්වුණේ අන්තර්ජාලයේ සජීවි විකාශයක් ලෙසිනි.

ඊට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුලු පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයින් පිරිසක් එක්වී තිබුණි.