යාපනයේ භූගත ජලයට කලූ තෙල් මුසු වේ

0
යාපනයේ භූගත ජලයට කලූ තෙල් මුසු වේ
යාපනයේ අනවසරයෙන් පවත්වාගෙන යන ගරාජයකින් අවිධිමත් ලෙස පිටකරන අප ජලය හේතුවෙන් භූගත ජල උල්පත් දූෂණය වීමේ තත්ත්වයක් ඇති වී තිබේ.

මෙකී ගරාජය යාපනයේ කස්තුරියර් හන්දියේ (රෝයල් ඇකඩමිය ඉදිරිපිට) පවත්වාගෙන යන අතර මෙම තත්ත්වය තව දුරටත් පැවැතිය හොත් යාපනයේ ජීවත්වන ජනතාවට බීමට ජලය බිඳක් සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත විය හැකි බවට වාර්තා වෙනවා.

වර්ෂා කාලවලදී මෙහි නිතර ගංවතුර තත්ත්වයන් ඇතිවන අතර ගරාජයෙන් අවිධිමත් ලෙස පිටකරන තෙල් ගංවතුර හා මිශ්‍රව ප්‍රදේශයේ බොහෝ දුරකට පැතිරී යාම හේතුවෙන් ජල උල්පත් මෙන්ම පරිසර දූෂණයද සිදු වෙමින් ඇත.

මේ සම්බන්ධයෙන් වගකිව යුත්තන් වෙත කිහිප වතාවක්ම දැනුම්වත් කළට මේ තාක් නිසි පිළියම් යොදා නැති බව ප්‍රදේශවාසීහූ කියති.