පාකිස්ථානය සහ ඕස්ට්‍රේලියාව අද තරග බිමේ

0
Aus Vs Par පාකිස්ථානය සහ ඕස්ට්‍රේලියාව අද තරග බිමේ
පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය සඳහා පාකිස්ථානය සහ ඕස්ට්‍රේලියාව අද (11) ඩුබායි ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී තරග වැදීමට නියමිතයි.

පාකිස්ථාන නායක බාබර් අසාම් මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර දෙවන ස්ථානයේ පසුවන අතර ආරම්භක පිතිකරු මොහොමඞ් රිස්වාන් ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව වැඩිම ලකුණු ලාභී පාකිස්ථාන පිතිකරු වනවා.

ෂොයිබ් මලික් පන්දු 18 කදී ලකුණු 50ක් ලබමින් තරගාවලියේ වේගවත්ම අර්ධ ශතකයට හිමිකම් කියන අතර ඇෆ්ගනිස්තානයට එරෙහිව පිට පිට හයේ පහර හතරක් එල්ල කළඅසීෆ් අලි ද අද (11) පාකිස්ථානය නියෝජනය කිරීමට නියමිතයි.

ඕස්ට්‍රේලියාවේ වේග පන්දු බලඇණියේ සිටින මිචෙල් ස්ටාර්ක්, ජොස් හේසල්වුඞ් සහ පැට් කමින්ස් තිදෙනා ලෝක මට්ටමේ පන්දු යවන්නන් වන අතර දඟ පන්දු යවන ක‍්‍රීඩක ඇඩම් සම්පා තරගාවලිය පුරා දක්ෂතා දක්වා තිබීම විශේෂත්වයක්

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ වෝනර්, ෆින්ච්, මාෂ් සහ මැක්ස්වල් අද තරගයේ දී තීරණාත්මක සාධකයන් වන බව ක්‍රිකට් විචාරකයන්ගේ අදහසයි.

ශ‍්‍රී ලංකා වේලාවෙන් අද රාත‍්‍රී 7.30ට තරගය ආරම්භ වීමට නියමිත යි.