ඇහැලලන්ද ප්‍රදේශයෙ තියුණු ආයුධ වලින් පහර දී සිදු කළ ඝාතනය

0
deth case - ඇහැලලන්ද ප්‍රදේශයෙ තියුණු ආයුධ වලින් පහර දී සිදු කළ ඝාතනය
තියුණු ආයුධ වලින් පහර දී සිදු කළ ඝාතනයක් සම්බන්ධයෙන් මාදම්පේ ගල්මුරුව ඇහැලලන්ද ප්‍රදේශයෙන් වාර්තා වුණා.

පොලීසියට ඔත්තු දුන් බව කියන සිද්දියක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදු කර ඇති බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

ඊයේ (07) රාත්‍රී 08.30 ට පමණ මෙය සිදුව ඇති අතර අතර මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 29 නමැති අයෙක්.

ඝාතනය සදහා තියුණු ආයුධ සහ පොලු මුගුරු සහිතව අටදෙනෙකු පමණ පැමිණ ඇති බව පොලිසිය කියා සිටියා.

එමෙන්ම ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ බිරිඳ හා සහෝදරයාද බරපතල තුවාල ලබා හලාවත මහ රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ.

මේ ඝාතනය සිදුකිරීම සඳහා මුල් වූ පුද්ගලයා ගේ මව හා ඝාතනයට ලක්වූ පුද්ගලයා ගේ මව සහෝදරියන් බවද වාර්තා වනවා.

මේ ඝාතනය සිදු කිරීමෙන් පසු ඝාතකයන් නිවාස හැර ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර පොලිසිය ඔවුන් සොයා විශේෂ මෙහෙයුමක් සිදු කරනවා.

මේ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය හලාවත මහා රෝහලේදී සිදුකිරීමට නියමිතයි.