චීන කාබනික පොහොර නෞකාවට තහංචියක්?

0
Chinese Fertilizer Ship Near the Colombo Harbour - චීන කාබනික පොහොර නෞකාවට තහංචියක්?

විවාදයට තුඩුදී තිබෙන චීන සමාගමකින් ආනයනය කළ කාබනික පොහොර රැගත් නෞකාව කොළඹ වරායට ඇතුල්වීමට ඉඩ නොදෙන ලෙස රජය දැනුම්දී ඇති බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.

එම නෞකාවට වරායට ඇතුල්වීමට ඉඩ නොදෙන ලෙස රජයෙන් දැනුම්දී ඇති බව කී එම උසස් නිලධාරියා එයට හේතුවක් නොදන්නා බව ද සඳහන් කළේය.

එම නැව කුමන ස්ථානයක තිබේද යන්න නොදන්නා බවත් කොළඹ වරාය සීමාවට මේ දක්වා පැමිණ නොමැති බවත් එම උසස් නිලධාරියා කීය.

මෙම නැවේ ගබඩා කරඇති කාබනික පොහොර තොගය ශ්‍රී ලංකා පරීක්‍ෂණ අංශ ප්‍රතික්ෂේප කිරීම නිසා මීට පෙර හරවා යැවූ අතර නැවත එම නැව ශ්‍රී ලංකාවට පැමිණෙමින් තිබෙන බවට මීට පෙර වාර්තා විය.

(lankadeepa.lk වෙබ් අඩවිය ඇසුරිනි)