අනුමත පළිබෝධ නාශක සහ වල් නාශක ගෙන්වීමට අවසර

0
Permission to Import Insecticides and herbicides - අනුමත පළිබෝධ නාශක සහ වල් නාශක ගෙන්වීමට අවසර

අනුමත පළිබෝධ නාශක සහ වල් නාශක ගොවීන්ට අවශ්‍ය ප්‍රමාණයට මෙරට සමාගම් හරහා ගෙන්වීමට අවසර දෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත කේ ජයසිංහ මහතා පැවැසීය.

එසේම ගොවීන්ට ප්‍රමිතියෙන් යුතු පොහොර ලබාදීමට කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය.

මේ අතර නැනෝ නයිට්‍රජන් පොහොර තොගයක් ගුවන් මගින් ඊයේ රැගෙන ආ බවත් එය විශේෂිත පොහොරක් බවත් ඔහු පැවසුවේය.

කෙනෙකුට එය කාබනික පොහොරත් යැයි පැවසිය හැකි බවත් තවත් අයෙකුට එය රසායනික පොහොරක් යැයි හැඳින්විය හැකි බවත් මහාචාර්යවරයා කීවේය.

යූරියා කිලෝ 50 ක කොට්ටයක් වෙනුවට මෙම නෑනෝ නයිට්‍රජන් මිලි ලීටර් 500 ක බෝතලයක් ප්‍රමාණවත් බව පැවසූ ජයසිංහ මහතා හෙක්ටෙයාරයකට අවශ්‍ය වන්නේ ලීටර් 2.5 ක් පමණක් බවද ප්‍රකාශ කළේය.