තිරිඟු පිටි රු 10 කින් සහ සිමෙන්ති රු 93 කින් ඉහළට

0
Wheat Flour and Cement Prices Increased - තිරිඟු පිටි රු 10 කින් සහ සිමෙන්ති රු 93 කින් ඉහළට
තිරිඟු පිටි මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට ප්‍රධාන තිරිඟු පිටි ආනයනික සමාගම වන ප්‍රීමා සමාගම ඇතුළු සෙසු සමාගම් තීරණය කර ඇති බව ප්‍රීමා සමාගමේ නිලධාරියකු පැවැසීය.

මෙම මිල ඉහළ දැමීමත් සමග රුපියල් 87 ක්ව පැවති තිරිඟු පිටි කිලෝවක මිල කිලෝවක රුපියල් 97 ක් දක්වා ඉහළ ගියේය.

මේ අතර සිමෙන්ති මිල රුපියල් 93 කින් ඉහළ දැමූ බව ප්‍රධාන සිමෙන්ති සමාගම නිලධාරියකු පැවැසීය.

මෙම මිල ඉහළ දැමීමත් සමග කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1098 දක්වා ඉහළ ගිය බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.