අයවැයෙන් විශ්මකර්ම වැඩ පෙන්වන බව ඇමති රොහිත කියයි

0
Rohitha Abeygunawardena Statement of Budget in Parliament - අයවැයෙන් විශ්මකර්ම වැඩ පෙන්වන බව ඇමති රොහිත කියයි

මෙවර ඉදිරිපත් කරන ලද අයවැයෙන් විශ්මකර්ම වැඩ පෙන්වන බව වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කරයි.

එම විශ්මකර්ම වැඩ දැක විපක්ෂයට හොඳටම රිදෙනු ඇතැයිද ඔහු පැවසීය.

වත්මන් ආණ්ඩුව රට විකිණීමට පැමිණි ආණ්ඩුවක් නොව රට ආරක්ෂා කිරීමට පැමිණි ආණ්ඩුවක් බවත් රට ආරක්ෂා කිරීමේ කටයුතු දිගටම කරන බවත් ඔහු පැවැසීය.

මහින්ද රාජපක්ෂ මහතා යුද්ධය ජය ගත්තා සේම ගෝඨාභය රාජපක්ෂ මහතා ආර්ථික යුද්ධයද ජයගන්නා බවද ඒ මහතා කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ පැවතියේ විවාදයකදී විපක්ෂය මතුකළ පැනයකට ප්‍රතිචාර දක්වමිනි.