ආරවුලක් දුරදිග ගොස් විදුලි සැර වැදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

0
Boy Death by Electric Shock - ආරවුලක් දුරදිග ගොස් විදුලි සැර වැදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

වත්තේගම, මීගමවත්ත ප්‍රදේශයේ දී විදුලි රැහැනක පැටලී බරපතළ තත්ත්වයේ පසුව පුද්ගලයෙක් රෝහල් ගත කිරීමෙන් පසු ඊයේ (01) මිය ගොස් තිබෙනවා.

දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් පුද්ගලයෙකු ඉඩමකට ඇතුළු වී පරුෂ වචනයෙන් බැන වැදීමින් සිටිය දී නිවෙස් හිමියා විසින් ඇද තිබූ විදුලි රැහැනක පැටලී අදාල පුද්ගලයා බරපතළ තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව ඔහු රෝහල් ගත කිරීමේදී මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ යටිරාවන, වත්තේගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19ක් වන අයෙක් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.