රට ඇරියත් දින 14ක් දුම්රිය ධාවනය නොවේ.. බස් ධාවනයත් පළාත් තුළ පමණයි…

0
Bus and Train After Lockdown Lift - රට ඇරියත් දින 14ක් දුම්රිය ධාවනය නොවේ.. බස් ධාවනයත් පළාත් තුළ පමණයි...
නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කළද සති දෙකක් යනතුරු කිසිදු දුම්රියක් ධාවනය නොවන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම මහතා පවසනවා.

එමෙන්ම ඉදිරි සති දෙක තුළ අන්තර් පළාත් බස් රථ ධාවනය කිරීමෙන් වැළකී සිටීමට පියවර ගන්නා බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කලා.

කෙසේවෙතත් පළාත් තුළ බස් රථ ධාවනය (01) අලුයම 04 න් පසු සාමාන්‍ය පරිදි ආරම්භ කෙරෙනු ඇති.

සෞඛ්‍ය බළධාරීන්ගේ උපදෙස් මත මෙම තීරණ ගත් බවද ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම මහතා කියාසිටියා.