පාසල් යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් අද විශේෂ ප්‍රකාශයක්

0

පාසල් යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද දිනයේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතයි.

පාසල් ආරම්භ කිරීමට අදාළ මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලබාදී තිබුණා.

ඒ අනුව අදියර කිහිපයක් යටතේ පාසල් ආරම්භ කිරීමට නියමිත අතර ඒ සම්බන්ධයෙන් අද දිනයේ ජනතාව දැනුවත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කලා.