
පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ නිවසේ වහලේ සිටි දුර්ලභ ගණයේ බස්සන් තිදෙනකු මන්ත්‍රීවරයා ලබා දුන් තොරතුරකට අනුව සොයාගත් බව පුවත්පත් වාර්තා කර තිබෙනවා.
එම මන්ත්‍රීවරයාගේ නිවසේ සිවිලමේ සිටයදී බිමට වැටී සිටි මෙම අටු බකමුණු වර්ගය තිදෙනා වන ජීවී කාර්යාලයට රැගෙන ගොස් ඇති බව එම වාර්තාවල දැක්වෙනවා.
Barn Owl යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වන මෙම බකුමූණු වර්ගයේ ලංකාවේ වැඩි වශයෙන් දක්නට නොලැබුණද කළපු ආශ්‍රිතව සමහර ස්ථානව දක්නට ලැබෙන බවත් එහි සඳහන්.