වෙඩි තැබීමකින් 14 හැවිරිදි දරුවෙකු මරුට

0
Child Dead by Shooting - වෙඩි තැබීමකින් 14 හැවිරිදි දරුවෙකු මරුට
වීරකැටිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් 14 හැවිරිදි දරුවෙකු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ ගජනායකගම ප්‍රදේශයේ පදිංචි වී සිටි දරුවෙකු බවයි පොලිසිය සඳහන් කලේ.

ඥාතීන් පිරිසක් අතර ඇතිවූ ආරාවුලක් අතරතුරදී මෙම වෙඩි තැබීම සිදුවී තිබෙනවා.

වෙඩි තැබීමට සම්බන්ධ සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

කෙසේවෙතත් සිද්ධියට අදාළව තවත් සැකකරුවන් 03 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා කියාසිටියේ.

සිද්ධිය සම්බන්ධයෙන් වීරකැටිය පොලිසියයි විමර්ශන මෙහෙයවන්නේ.

මේ අතර පොල්ගහවෙල සහ අකුරැස්ස ප්‍රදේශවලදී ඊයේ තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තිබුණා.