ලොහාන් ස්වර්ණාභරණ කොල්ලයකට ගියානම් ඒ ඇමතිකමෙනුත් අයින් වෙයි

0
Wimal Statement of Lohan Ratwatte - ලොහාන් ස්වර්ණාභරණ කොල්ලයකට ගියානම් ඒ ඇමතිකමෙනුත් අයින් වෙයි

වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර වල සිද්ධීන්ට අදාළව ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ සිරකරුවන් පුනරුත්ථාපන අමාත්‍ය ධුරයෙන් පමණක් ඉවත් වීම ප්‍රමාණවත් බවත් ඔහු මැණික් හා ස්වර්ණාභරණ ඇමතිකමෙනුත් ඉල්ලා අස්වීමට වුවමනාවක් නොමැති බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

“වැරදි සිදුවෙන්න පුළුවන් හැබැයි ඒ වැරදි පිළිගෙන නිහතමානීව එම තනතුරින් ඉවත් වීමයි වැදගත් වෙන්නේ. අපේ රටේ දේශපාලන සංස්කෘතියට මීට කලින් වැනි ආදර්ශයන් එකතු වෙලා තිබුණේ නැහැ. ඒ අතින් ලොහාන් රත්වත්තේ මහතා තමන් අතින් සිදු වූ කුමක් හෝ අඩුපාඩුව පිලිඅරන් අමාත්‍ය ධුරයෙන් ඉවත් වෙලා තියෙනවා.”

රත්වත්තේ මහතා බන්ධනාගාර අමාත්‍ය ධූරයෙන් පමණක් ඉවත් වී මැණික් හා ස්වර්ණාභරණ අමාත්‍යධූරයේ තවදුරටත් රැඳී සිටීම ගැන මාධ්‍ය කළ විමසීමේ දී ඔහු පැවසුවේ මෙසේය.

“ස්වර්ණාභරණ මංකොල්ලයකට ගියානම් ලොහාන් රත්වත්තෙ මහත්තයා ඒ ඇමතිකමෙනුත් ඉල්ලා අස්වෙයි.”

අමාත්‍ය විමල් වීරවංශ මහතා මේ බව පැවසුවේ ඊයේ (16) වැල්ලම්පිටිය ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.