ධනංජය ද සිල්වාත් ශතකයක් රැස් කරයි

0

බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදීය සිය 07වන ටෙස්ට් ශතකය රැස් කරගැනීමට මීට සුළු වේලාවකට පෙර ධනංජය ද සිල්වා සමත්විය.

එම තරගයේදී මීට පෙර ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ද සිය 11 වන ටෙස්ට් ශතකය වාර්තා කළේය.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිය ප්‍රථම ඉනිම වෙනුවෙන් ලකුණු රැස්කරන ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර කඩුලු 03ක් දැවි ලබාසිටි ලකුණු සංඛ්‍යාව 382කි.

දිමුත් කරුණාරත්න මේ වනවිට ලකුණු 150ක් ලබා සිටින අතර ධනංජය ද සිල්වා ලකුණු 110ක් රැස්කරගෙන සිටී.