කට්ටට බයේ එන්නත මඟහරින්න එපා

0
Covid Vacconation in Sri Lanka - කට්ටට බයේ එන්නත මඟහරින්න එපා
මෙරට ජනගහනයෙන් සියයට දහයකට ආසන්න පිරිසක් එන්නත් කටුවලටඇති බිය නිසා එන්නත් ලබා ගැනීම මගහරින බව පෙනී ගොස් ඇති බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

එන්නත් කටු බිය (NEEDLE PHOBIA)ලෙස මෙම මානසික තත්වය හඳුන්වන බව ඔහු සඳහන් කරයි.

එන්නත් ලබාගැනීමේදී අධික වේදනාකාරී තත්වයක් ඇතිවේ යැයි අස්ථාන බියකින් මොවුන් පසුවන බව වෛද්‍යවරයා පවසයි.

එන්නතක් ලබා ගැනීම කිසිසේත්ම වේදනාකාරී අත්දැකීමක් නොවන අතර එන්නතක් ලබා ගැනීමේදී ඇතිවන වේදනාව මදුරුවකු කනවා හා සමාන යැයි ඔහු පවසයි.

කොවිඩ්වලින් මරණයට පත්වීම වැළැක්වීමට ඇති එකම විසඳුම එන්නත්කරණය හෙයින් නොපමාව එන්නත ලබා ගන්නැයි විශේෂඥ වෛද්‍යවරයා ජනතාවගෙන් ඉල්ලයි.