සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම ගැන දින කිහිපයකින් තීරණයක්

0
Dinesh Gunawardena Speech about O/L Results - සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම ගැන දින කිහිපයකින් තීරණයක්

අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2020 විභහග ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් දින කීපයක් ඇතුළත තීරණයක් ගන්නා බව අධ්‍යපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට නොහැකි වූ හේතූන් හඳුනාගෙන ඇති බවද දිනේෂ් ගුණවර්ධන මහතා කීය.

අධ්‍යාපන අමාත්‍යාංශය පාර්ලිමේන්තු උපදේශක කාරක සභාව ඊයේ (10) පාර්ලිමේන්තුවේදී පැවති අතර ඊට එක්වෙමින් අධ්‍යපන ඇමතිවරයා එම අදහස් පළ කළේය.

අධ්‍යාපන කාර්යාලවලට අනුයුක්ත කර සිටින උපාධිධාරීන් ගුරුසේවයට අනුයුක්ත කිරීම සම්බන්ධයෙන් සහ රාජ්‍ය සේවයට බඳවාගත් සංවර්ධන නිලධාරීන්ගේ කැමැත්ත මත ගුරු සේවයට අනුයුක්ත කිරීම ගැන තීන්දුවක් ගන්නා බවද එහිදී අධ්‍යාපන ඇමතිවරයා කීවේය.