කොවිඩ් නිසා දින 38ක බිළිඳෙකු ජීවිතක්ෂයට

0
Baby Dead by Covid in Nuwaraeliya Hospital - කොවිඩ් නිසා දින 38ක බිළිඳෙකු ජීවිතක්ෂයට
කොවිඩ් වෛරසය ආසාදිතව නුවරඑළිය මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දින 38 ක් වයසැති කුඩා බිළිදෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වනවා.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තලවකැලේ, වටගොඩ, මඩකුඹුර වතුයායේ පදිංචිව සිටි කුඩා බිළිදෙකුයි.

කොවිඩ් වෛරසය ආසාදනයවීම හේතුවෙන් මෙම කුඩා බිළිදා සහ එම බිළිදාගේ මව පසුගිය මස 26 දින ප්‍රතිකාර සඳහා නුවරඑළිය මහ රෝහලට ඇතුලත් කොට ඇති අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී බිළිදා මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කොවිඩ් ආසාදිත මව තවදුරටත් නුවරඑළිය මහ රෝහලේ කොවිඩ් රෝගී අංශයේ ප්‍රතිකාර ලබමින් පසුවෙනවා.