පහන්තුඩාව : සමාජ මාධ්‍යයේ හුවමාරුවූ වැරදි ජායාරූපයක් නිසා අකරතැබ්බයට මුහුණ දුන් යුවළ

0
Fake Picture of Pahanthudawa Video - පහන්තුඩාව : සමාජ මාධ්‍යයේ හුවමාරුවූ වැරදි ජායාරූපයක් නිසා අකරතැබ්බයට මුහුණ දුන් යුවළ

පහන්තුඩාව දිය ඇල්ල අසලදී සිදුකළ අසභ්‍ය වීඩියෝ දර්ශණය නිසා දැඩි පීඩනයකට තමන් පත්ව ඇති බව එම සිද්ධිය හේතුවෙන් අනවශ්‍ය ගැටළුවකට මුහුණ දී සිටින යුවළ Hari TV යුටියුබ් නාලිකාවේ ලහිරු මුදලිගේ සමග ප්‍රකාශ කර සිටියා.

එම අසභ්‍ය වීඩියෝවට සම්බන්ධ බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය තුල හුවමාරු වී සිටින කුෂාන් සහ ගයාත්‍රි නම් යුවළ ප්‍රකාශ කර සිටියා.

ෆේස්බුක්, ටික්ටෝක් ඇතුළු සමාජ මාධ්‍ය තුළ තමන් දෙදෙනා පහන්තුඩාව දිය ඇල්ල අසලදී ගනු ලැබූ ජායාරූපයක් උපුටා දක්වමින් අසභ්‍ය වීඩියෝවට සම්බන්ධ බවට ප්‍රකාශ කිරීම නිසා තමන්ගේ ජිවිතයට මේ වන විට දැඩි ගැටලුවකට මුහුණදී තිබෙන බවයි කුෂාන් සහ ගයාත්‍රි ප්‍රකාශ කර සිටියේ.

විවාහ වී වසර එකහමාරක් යන තැන සිදුවූ මෙම සිදුවීම නිසා දැඩි මානසික ඇදවැටිමකට ලක්වූ බව පැවසූ ඔවුන් ඇතැම් පුද්ගලයින් සෘජුවම චෝදනා එල්ල කිරීම නිසා මෙම තත්ත්වයට මුහුණ දී සිටින බවයි ඇය ප්‍රකාශ කර සිටියේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ යුවළ ද තමන් බවට දක්වමින් සිදුකරනු ලබන ප්‍රකාශ සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තුවන බවයි ඔවුන් කියා සිටියේ.

සමාජ ජාල තුල හුවමාරු වෙන මෙම ජායාරූපය ගනු ලැබුවේ 2020 වසරේ දෙසැම්බර් මස 19 වෙනිදා බවයි ඔවුන් සඳහන් කර සිටියේ.

ලහිරු මුදලිගේ සමග කුෂාන් සහ ගයාත්‍රි සිදුකළ සම්පුර්ණ සම්මුඛ සාකච්ජාව පහතින්…

(newswire.lk වෙබ් අඩවිය ඇසුරිනි)