කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේදී අවාසනාවන්ත ලෙස මියගිය තරුණයා

0
Covid Death in Kundasale - කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේදී අවාසනාවන්ත ලෙස මියගිය තරුණයා

කිසිවෙකුත් බලාපොරොත්තු නොවන ආකාරයේ වීඩියෝවක් මේ වනවිට සමාජ මධ්‍යයේ සැරිසරයි.

එහි දැක්වෙන්නේ කුණ්ඩසාලේ මහමෙව්නා අසපුවේ ස්ථාපිත අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිදුවන අවාසනාවන්ත සිදුවීමකි.

එහි ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිත 25 හැවිරිදි තරුණයෙකු ඇද වැටී ජීවිතක්ෂයට පත්වී ඇති ආකාරය එම වීඩියෝවේ දැක්වෙයි.

ඒ අනුව අද දෙරණ ඒ පිළිබඳව කළ සොයා බැලීමේදී අනාවරණ වූයේ ඔහු කටුගස්තොට ප්‍රදේශයේ පුද්ගලයකු බවය.

එම තරුණයා ඊයේ (02) පෙරවරුවේ තමන්ට හදිසියේ ඇතිවූ කොන්දේ වේදනාව සම්බන්ධයෙන් වෛද්‍යවරුන්ට දැනුම්දීමටයාමේදී හදිසියේ ඇදවැටුණු බව එහි සිටි පුද්ගලයන් පැවසීය.

පසුව අනාවරණය වූයේ ඔහු මියගොස් ඇති බවය.

(adaderana.lk වෙබ් අඩවිය ඇසුරිනි)