සහල් හා සීනි මිල අඩුවෙයි? හෙට සිට උපරිම සිල්ලර මිලක්

0
Rice and Sugar Prices from Tomorrow - සහල් හා සීනි මිල අඩුවෙයි? හෙට සිට උපරිම සිල්ලර මිලක්
සහල් සහ සීනි සඳහා හෙට සිට උපරිම සිල්ලර මිලක් නියම කිරීමට පියවර ගෙන ඇතැයි පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹ අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදීයි.

ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදනයක්ද නිකුත් කෙරෙනු ඇති බව අමාත්‍යවරයා සඳහන් කලා.

මේ අතර සීනි ආනයනකරුවන් විසින් සඟවා තිබියදී අත්‍යවශ සේවා කොමසාරිස් භාරයට ගත් සීනි තොග සතොස සහ සමුපකාර අලෙවිසැල් හරහා වෙළඳපොලට නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

වෙළඳපොල තුල කෘතිම සීනි හිගයක් මවා පාමින් මිල ඉහළ දැමීමටයි සීනි ආනයනකරුවන් කටයුතු කර තිබුණේ.

ඒ හේතුවෙන් පාරිභෝගික සේවා අධිකාරිය වැටලීම් සිදු කර අත්අඩංගුවට ගත් සීනි තොග අද නිල වශයෙන් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් වෙත භාරදී තිබෙනවා.

මෙම අවස්ථාවට එක්වෙමින් පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයා ප්‍රකාශ කළේ නීති විරෝධී ආකාරයෙන් මෙලෙස පවත්වාගෙන යන අත්‍යවශ්‍ය භාණ්ඩ තොග ගබඩා සියල්ල වැටලීමට සහ එම භාණ්ඩ තොග රජයේ සහතික මිලට සතොස හා සමුපකාර අළෙවිසැල් හරහා පාරිභෝගිකයා වෙත ලබාදීමට අවශ්‍ය සියලු කටයුතු සලසා ඇති බවයි.