ශ්‍රී ලංකාව රනින් සැරසූ සාජන් දිනේෂ් ප්‍රියන්තට යුද හමුදාවෙන් උසස් වීමක්

0
Dinesh Priyantha Promoted to Warrant Officer 1 - ශ්‍රී ලංකාව රනින් සැරසූ සාජන් දිනේෂ් ප්‍රියන්තට යුද හමුදාවෙන් උසස් වීමක්

පැරාලිම්පික් උළෙලේදී හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනා ගත් ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවේ සැරයන් දිනේෂ් ප්‍රියන්ත හේරත් මහතා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් බලලත් නිලධාරි(2) (වොරන්ට් ඔෆිසර්) නිලයට අද උසස් කරනු ලැබීය .

ඔහු එම නිලයට උසස් කරනු ලැබුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න යන මහත්වරුන්ගේ අනුමැතිය මත යැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

ඔහු රටට අත් කර දුන් ගෞරවය අගය කරමින් මෙම නිලය පිරිනැමූ බවද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

දිනේෂ් ප්‍රියන්ත හේරත් මහතා යුදහමුදාවේ මෙතෙක් දැරුවේ සැරයන් නිලයයි. එම තනතුරේ සිට තවත් තනතුරු දෙකක් පසුකර මෙම නව තනතුරට ඔහු උසස් කරනු ලැබ සිටියි.

ප්‍රියන්ත හේරත් 2016 පැරාලිම්පික් උළෙලේදී එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තේය.