පැරාලිම්පික් තරගාවලියේ දී ශ්‍රී ලංකාවට තවත් පදක්කමත් හිමිවෙයි

0
Another Paralympic Medal for Sri Lanka - පැරාලිම්පික් තරගාවලියේ දී ශ්‍රී ලංකාවට තවත් පදක්කමත් හිමිවෙයි

ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ එෆ් 64 කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ ඉසව්ව සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩක දුලාන් කොඩිතුවක්කු එම ඉසව්වෙන් ලෝකඩ පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වුණා.

එහිදී ඔහු දැක්වූ දක්ෂත්වය මීටර 65.61ක්.

ඒ අනුව 2020 පැරාලිම්පික් උළෙලේ දී පදක්කම් 02ක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව මේ වනවිට සමත්ව තිබෙනවා.

මෙම ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු රන් පදක්කම දිනා දීමට දිනේෂ් ප්‍රියන්ත හේරත් අද පෙරවරුවේ සමත් වුණේ එෆ් 46 කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ ඉසව්ව සඳහා සහභාගි වෙමින්.

එහිදී ඔහු මීටර 67.79ක් දුරක් හෙල්ල විසි කරමින් නව ලෝක වාර්තාවක් ද පිටුවීමට සමත් වුණා.